POSTED ON Saturday, January 18, 2014| | Edit Post
අපේ වෙදැදුරු බිය වූ කාලය අවසන් ඩෙංගු බෙහෙත සූදානම්
- වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය


මාරාන්තික ඩෙංගි රක්‌තපාත උණ රෝගය මේ වන විට ශ්‍රී ලංකාවේ කතා බහට ලක්‌ වී ඇති ප්‍රධාන මාතෘකාවලින් එකකි. දිනෙන් දින ඉහළ යන මේ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙද්දී එය මර්දනය කිරීමට ගන්නා ක්‍රියා මාර්ග ද ඉහළ අගයක්‌ ගන්නේය.

ජාතික මට්‌ටමින් දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් හා ප්‍රාදේශීය මට්‌ටමින් ගන්නා මෙම ඩෙංගි මර්දන ක්‍රියාමාර්ග කොතෙක්‌ සාර්ථකද, අසාර්ථකද යන්න සොයා බැලීමේදී ලැබෙන පිළිතුරු කෙසේ වෙතත් රෝගය ව්‍යාප්ත වීමේ අඩුවක්‌ නම් නැත.

කෙසේ වෙතත් තම
 පරිසරය හා මතුවන ප්‍රශ්න ඩෙංගි ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක්‌ බව කරුණු
කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමේදී අවබෝධ කර ගැනීමට අපහසු නොවේ.

අද දවස වන විට ඩෙංගි රක්‌තපාතය ව්‍යාප්තවීම රජයට කිසියම් ආදායම් මාර්ගයක්‌ව ඇත්තේ මෙම පරිසර ගැටලු මුල්කර ගෙන ය. දැනුවත්ව හෝ නොදැනුවත්ව තම ගෙවත්තේ තිබෙන යෝගට්‌ කෝප්පයටත් දඩ ගැසීමෙන් මේ බව වඩාත් සනාථ කිරීමක්‌ නොවන්නේ ද?.

මෙවැනි වාතාවරණයක්‌ යටතේ කිරි අල ගහක්‌, වැහිs පිහිල්ලක්‌, මල් පෝච්චියක්‌ වැනි දැ ද තම නිවසින් තුරන් කිරීමට සිදුව ඇත්තේ මෙම දඩ නියම කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස්‌ ඇති නිසාවෙනි.

තම ගෙවත්ත කෙරෙහි අවධානය යොමු කිරීම ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කිසියම් මෙහෙවරක්‌ නොවන්නේ නොවේ. එහෙත් එපමණකින්ම මෙම මාරාන්තික ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය කළ හැකි දැයි සොයා බැලීම වඩාත් ප්‍රායෝගික වැදගත්කමකි.

මෙවැනි වාතාවරණයක්‌ රට තුළ පවතිද්දී මේ කෙරෙහි දැඩි අවධානයක්‌ යොමු කළ දිරිය තරුණියක්‌ සිය දැනුම මුල් කර ගෙන තනිවම සටනක්‌ දියක්‌ කළාය. අද දවස වන විට එහි සාර්ථක ප්‍රතිඵල ලබමින් ඩෙංගු රෝගයට ප්‍රතිකාරකයක්‌ සොයා ගනිමින් හෙළ වෙදකමේ අභිමානය ලෝකයාට පෙන්නා දුන් ඇය ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වීරසූරියයි. අපි පසුගිය දිනක ඇය හමුවී මෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව විමසීමක්‌ කිරීමට අදහස්‌ කළෙමු.

පළමුවෙන් ම අපට කියන්න ඩෙංගු රෝගී තත්ත්වයක්‌ හඳුනා ගන්නෙ කොහොමද කියලා. මම මුලින්ම ඇය සමඟ සාකච්ඡාවකට පිවිසෙමින් ප්‍රශ්නයක්‌ ඇසීමි.

මේ රෝගය අපි හඳුනා ගන්නේ මෙන්න මේ කියන ශාරීරික අපහසුතාවලින්.

අතපය වේදනාව, සවසට උණ ගැනීම. ඇස්‌ රතුවීම, ඔළුවේ වේදනාව, රුධිර පීඩනය අඩුවීම, මුත්‍ර පිටවීම අඩුවීම, වෙව්ලීමෙන් උණ හට ගැනීම වගේ කරුණු ප්‍රධානයි. මෙවැනි තත්ත්වයක්‌ යටතේ දින තුනක්‌ පහක්‌ ඇතුළත රෝගය හට ගන්නට පුළුවන්.

හැබැයි මේ තත්ත්වය ඩෙංගි හඳුනාගන්න තියෙන නිවැරැදිම ක්‍රමය නොවෙයි. හේතුව වෙනත් ආබාධවලටත් මෙවැනි තත්ත්වයන් ශාරීරිකව ඇති වෙන්න පුළුවන් නිසා. සමහර විට මේ කිසිම ආබාධයක්‌ නැතිවත් ඩෙංගි රෝගය වැළඳෙන්න පුළුවන්.

"එහෙමනම් මේ රෝගය නිවැරැදිව හඳුනා ගන්නෙ කොහොමද?"

"නිවැරැදිව හඳුනා ගන්න ඕන නම් පැහැදිලිව රුධිර පරීක්‍ෂාවක්‌ කිරීම තමයි හොඳම දේ"

"එතකොට හෙළ වෙදකමට අනුව මේ රෝගය හඳුනාගන්න ක්‍රමයක්‌ නැද්ද?"

"තියෙනවා"

"ඒ කොහොමද?"

"නාඩි පරීක්‍ෂාවෙන් වගේම රෝග ලක්‍ෂණවලින්"

"ඔබ ළඟට එන රෝගීන් හඳුනාගන්නේ නාඩි පරීක්‍ෂාවකින්ද?"

"පැහැදිලිවම නාඩි පරීක්‍ෂාවකින් වගේම රෝග ලක්‍ෂණවලින්. නමුත් මම එහෙම පරීක්‍ෂා කළාට රෝගීන්ගේ දැන ගැනීම සඳහා අනිවාර්යයෙන් ම රුධිර පරීක්‍ෂාවකුත් කරනවා. අනික මගේ නිගමනයත් එක්‌කම තාක්‍ෂණික මට්‌ටමෙන් කෙරෙන පරීක්‍ෂණයත් අපට කිසියම් ස්‌ථිර නිගමනයකට එන්න පුළුවන්."

"ඒ කියන්නේ නාඩි පරීක්‍ෂාවකින් ස්‌ථිර නිගමනයකට එන්න බැහැ කියන එකද?"

"කවුද එහෙම කියන්නෙ. වර්තමානයේ ඔවැනි පරීක්‍ෂණ පවත්වන්න තාක්‍ෂණික ක්‍රම කොපමණ තිබුණත් මීට වසර දහස්‌ ගණනක්‌ හෙළ වෙදවරු රෝග විනිශ්චය කළේ නාඩි පරීක්‍ෂාවෙන්. අදටත් නිවැරැදිව ශරීරයේ තිබෙන රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් තත්ත්වය, මධුමේහ තත්ත්වය කිසිම රුධිර පරීක්‍ෂාවකින් තොරව, නාඩි පරීක්‍ෂාවකින් දශමයටම කියන්න පුළුවන් වෙද මහත්වරු ඉන්නවා.

මේ නාඩි පරීක්‍ෂාව වෙනම ඉගෙන ගන්න ඕන විෂයයක්‌. අද සාමාන්‍ය උණ හෙම්බිරිස්‌සාවක්‌ හැදුනත් බටහිර වෛද්‍යවරු කියන්නේ රුධිර පරීක්‍ෂාවක්‌ කරගෙන එන්න කියලා. ඇයි එහෙම කියන්නේ. තමන් වසර ගණනාවක්‌ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන තමන්ගෙ දැනුමෙන් නිගමනයකට එන්න බැරිවද? නෑ බැරිකමක්‌ නෑ. නමුත් විශේෂඥ වෛද්‍යවරුන් මේ තාක්‍ෂණික ක්‍රම උපයෝගී කරගෙන ප්‍රතිකාර කරන්නෙ වඩාත් නිවැරැදි දේ කළ හැකි නිසා. නමුත් ඒ තාක්‍ෂණික රුධිර පරීක්‍ෂණයෙන් ලැබෙන පිළිතුරු වෛද්‍ය විද්‍යාවේ දැනුම නොවෙයි තාක්‍ෂණයේ තියෙන හැකියාව."

"අපිත් මෙතෙන්දී රුධිර පරීක්‍ෂණයක්‌ කරවන්නෙ අපේ ක්‍රමවේදයන්හි තියෙන අඩුවක්‌ නිසා නොවෙයි. ප්‍රායෝගිකව රෝගීන්ට කිසියම් නිගමනයකට පත් කිරීමටයි"

"නාඩි පරීක්‍ෂාව ගැන කෙටි හැඳින්වීමක්‌ කළොත්"

"හෙළ වෙදකමට අනුව වා, පිත්, සෙම කියන තුන්දොස්‌ කිපීමෙන් නේ බොහෝ රෝග හටගන්නේ. ඉතින් මේ තුන්දොස්‌ විකෘති වීමෙන් හටගන්නා රෝග නාඩි පරීක්‍ෂාවෙන් අපේ ඇඟිලි තුඩුවලට දැනෙනවා. මෙතෙන්දී වෙද ඇඟිල්ලට වාත රෝගත්, මැද ඇඟිල්ලට පිත් රෝගත්, දබර ඇඟිල්ලට - සෙම රෝගත් දැනෙනවා. ඒ තුළින් අපි රෝග හඳුනාගෙන ප්‍රතිකාර කරනවා. මෙතෙන්දී තවත් දෙයක්‌ කිව යුතුයි. නාඩි පරීක්‍ෂණය පිරිමියෙකුගේ දකුණතිනුත්, කාන්තාවකගේ වමතත් තමයි නාඩි පරීක්‍ෂාවට යොදා ගන්නේ."

"ඩෙංගි රෝගියකු රෝහල් ගත කළාම මොනවගේ ප්‍රතිකාරයක්‌ද කරන්නෙ.?"

"වැඩිපුරම විවේකයෙන් තැබීම තමයි මූලිකම දේ. ඊට අමතරව රෝග තත්ත්වයන් අනුව සේලයින් දීම, මුත්‍ර පිටවීම අපහසු නම් ඊට පිළියම් යෙදීම, වමනෙ එනව නම් ඒකටත් ප්‍රතිකාරයක්‌ කිරීම, ඇන්ටිබයිටික්‌ එකක්‌ දීම වගේ දේවල් තමයි. නමුත් මේ ප්‍රතිකාර ඩෙංගුවලට දෙන ප්‍රතිකාර නෙවෙයි. ඒ ඒ අවස්‌ථාවලදී මතුවන ආබාධ අනුව දෙන ප්‍රතිකාරයන්. නමුත් අසාධ්‍ය තත්ත්වයට පත් වුණොත් රුධිර පට්‌ටිකා දීම අනිවාර්යයෙන් කෙරෙනවා.

"ඔබේ ප්‍රතිකාර ක්‍රමයන්ට අනුව ඩෙංගි රෝගියෙකුට කරන ප්‍රතිකාර පිළිබඳව විස්‌තරයක්‌ කළොත්."

"මම ප්‍රතිකාර කරනව කියන්නේ පැහැදිලිව ඩෙංගි රෝගියකුට මම හොයාගත්ත ඖෂධය අනිවාර්යයෙන් ම දෙන එකනේ. ඒක මට විශ්වාසයි. මේ අතර දෙළුම් යුෂ පානයට දීම, පැණි කොමඩු, එළකිරි, මී පැණි අමතර ආහාර හැටියට ගන්න කියනවා."

"මෙතෙන්දී අන්නාසි, අච්චාරු, හතු, එළුමස්‌, හරක්‌ මස්‌, මත්පැන් වැනි දේ සම්පූර්ණයෙන් ම නොගත යුතුයි."


විමලසිරි අගලකඩ විසින් සම්පාදිත මෙම ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ දිවයින තුලින් ..

Advertisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Follow by Email

Site Status

Content
X

Total Pageviews